33 : 1
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
අහෝ නබිවරය! අල්ලාහ්ට නුඹ බිය බැතිමත් වනු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්ට නුඹ අවනත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී මහා ප්‍රඥාවන්ත විය.
33 : 2
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දන්වා සිටිනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත විය.
33 : 3
وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
තවද නුඹ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
33 : 4
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ ۚ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّـٰٓـِٔى تُظَـٰهِرُونَ مِنْهُنَّ أُمَّهَـٰتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ
මිනිසෙකුට ඔහුගේ අභ්‍යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නො කළේ ය. තවද ඔවුන් අතරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නො වේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නො වේ. එය නුඹලාගේ මුඛවලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්‍යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි.
33 : 5
ٱدْعُوهُمْ لِـَٔابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوٓا۟ ءَابَآءَهُمْ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٰلِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا
ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් නුඹලා ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීය ය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නො දන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් හා නුඹලාගේ මිත්‍රයින් වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද එහි නුඹලා කෙරෙහි වරදක් නැත. එහෙත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
33 : 6
ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ ۗ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِى كِتَـٰبِ ٱللَّهِ مِنَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُهَـٰجِرِينَ إِلَّآ أَن تَفْعَلُوٓا۟ إِلَىٰٓ أَوْلِيَآئِكُم مَّعْرُوفًا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَـٰبِ مَسْطُورًا
දේවත්වය විශ්වාස කරන්නන් හට ඔවුනටත් වඩා මෙම නබිවරයා වඩාත් ප්‍රමුඛය. ඔහුගේ බිරියෝ ඔවුන්ගේ මාතාවෝය. දේවත්වය විශ්වාස කරන්නන් හා නික්ම ගියවුනට වඩා අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ප්‍රමුඛත්වය හිමි විය යුත්තෝ වෙති. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කරනු. එය ධර්ම ග්‍රන්ථයේ ලියන ලද්දක් විය.
33 : 7
وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَـٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًا
නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු.
33 : 8
لِّيَسْـَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًا أَلِيمًا
(එසේ දැඩි ප්‍රතිඥාවක් ලබා ගත්තේ) සත්‍යාවාදීන්ගෙන් ඔවුන්ගේ සත්‍යතාව පිළිබඳ ඔහු විමසනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත.
33 : 9
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහිව සැඩ සුළඟක් හා නුඹලා නො දුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් නිරීක්ෂක විය.
33 : 10
إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَـٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠
නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සේනාවෝ) පැමිණියෝ ය. තවද බැල්ම ඇල වී හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ නො යෙක් සිතුවිලි මවාගත් අවස්ථාව සිහිපත් කරනු.
33 : 11
هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًا شَدِيدًا
එවිට දේවත්වය විශ්වාස කරන්නෝ පරීක්ෂාවට ලක් කරනු ලැබුවෝ ය. තවද ඔවුහු දැඩි ලෙස කම්පනයට ලක් කරනු ලැබුවෝ ය.
33 : 12
وَإِذْ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًا
තවද කුහකයෝ හා තම හදවත් තුළ රෝග ඇත්තෝ ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රැවටීම මිස වෙනෙකක් අපට ප්‍රතිඥා දුන්නේ නැතැ’යි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
33 : 13
وَإِذْ قَالَت طَّآئِفَةٌ مِّنْهُمْ يَـٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُوا۟ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا
තවද, “අහෝ යස්රිබ් වැසියනි! නුඹලාට (සතුරන්ට එරෙහිව) නැවතීමක් (මෙහි) නොමැත. එහෙයින් නුඹලා හැරී යනු” යි ඔවුන් අතරින් පිරිසක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් පිරිසක් ‘නියත වශයෙන් ම අපගේ නිවෙස් අනාරක්ෂිත’ යැයි පවසමින් නබිවරයාගෙන් අවසර පැතූහ. එහෙත් ඒවා අනාරක්ෂිත නො වීය. ඔවුහු පළා යෑම මිස වෙනෙකක් අපේක්ෂා නො කළෝ ය.
33 : 14
وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا۟ ٱلْفِتْنَةَ لَـَٔاتَوْهَا وَمَا تَلَبَّثُوا۟ بِهَآ إِلَّا يَسِيرًا
තවද ඔවුනට එරෙහිව සිව්දෙසින් (සතුරු සේනාවන්) ප්‍රවේශ කරනු ලැබ පසුව කලහකම් කරනු ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ නම්, නියත වශයෙන් ම ඔවුහු ඒ වෙත පැමිණෙන්නෝම ය. තවද ස්වල්ප දෙනෙකු හැර එහි ඔවුන් රැඳී නො සිටිනු ඇත.
33 : 15
وَلَقَدْ كَانُوا۟ عَـٰهَدُوا۟ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَـٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًا
තවද පසුපස ලා ඔවුන් හැරී නො යන බවට මීට පෙර අල්ලාහ් සමඟ ඔවුහු ගිවිස ගත්තෝ ය. අල්ලාහ්ගේ ගිවිසුම (මතුලොවෙහි) විමසනු ලබන්නක් විය.
33 : 16
قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا
“මරණයෙන් හෝ සටනින් හෝ නුඹලා පළා ගියේ නම්, එම පළා යෑම නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. එවිට ස්වල්ප (කාල)යක් මිස නුඹලා භුක්ති විඳිනු නො ලබන්නෙහු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
33 : 17
قُلْ مَن ذَا ٱلَّذِى يَعْصِمُكُم مِّنَ ٱللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوٓءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
අල්ලාහ් නුඹලාට යම් නපුරක් සිතුවේ නම් හෝ නුඹලාට යම් දයාවක් සිතුවේ නම් හෝ ඔහුගෙන් නුඹලා ආරක්ෂා කරන අයවලුන් කවුරුන් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. අල්ලාහ් හැර කිසිදු භාරකරුවකු හෝ උදව් කරුවකු හෝ ඔවුහු නො ලබති.
33 : 18
۞ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلْمُعَوِّقِينَ مِنكُمْ وَٱلْقَآئِلِينَ لِإِخْوَٰنِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ ٱلْبَأْسَ إِلَّا قَلِيلًا
නුඹලා අතරින් (සටනට යෑමෙන්) වළක්වන්නන් හා “අප වෙත (හැරී) එනුයි” තම සහෝදරයන්ට පවසන්නන් පිළිබඳව සැබැවින් ම අල්ලාහ් දනී. තවද ස්වල්ප දෙනකු මිස සටනට නො පැමිණෙති.
33 : 19
أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ ۚ أُو۟لَـٰٓئِكَ لَمْ يُؤْمِنُوا۟ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَـٰلَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا
(එය,) නුඹලාට එරෙහිව දක්වන මසුරුකමක් ලෙසිනි. එහෙත් බිය පැමිණි විට, මරණ (බි)යෙන් සිහි විකල් වූ කෙනෙකු මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබ දෙස බලා සිටිනු නුඹ ඔවුන් දුටුවෙහි ය. එහෙත් බිය පහව ගිය විට වස්තු තණ්හාව හේතුවෙන් ඔවුහු තියුණු වදනින් නුඹලාට වේදනාව ගෙන දෙනු ඇත. දේවත්වය විශ්වාස නො කරන්නෝ ඔවුහු ම ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය. එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
33 : 20
يَحْسَبُونَ ٱلْأَحْزَابَ لَمْ يَذْهَبُوا۟ ۖ وَإِن يَأْتِ ٱلْأَحْزَابُ يَوَدُّوا۟ لَوْ أَنَّهُم بَادُونَ فِى ٱلْأَعْرَابِ يَسْـَٔلُونَ عَنْ أَنۢبَآئِكُمْ ۖ وَلَوْ كَانُوا۟ فِيكُم مَّا قَـٰتَلُوٓا۟ إِلَّا قَلِيلًا
සැබැවින් ම (සතුරු) සේනාවන් (තවමත් ඉවත් ව) නො ගිය බව ඔවුහු සිතති. තවද එම සේනාවන් පැමිණියේ නම් ගැමි අරාබිවරුන් අතරට ගොස් නුඹලාගේ තොරතුරු විමසීමට තිබුණේ නම් මැනවයි ඔවුහු ප්‍රිය කරති. තවද ඔවුන් නුඹලා අතර සිටියේ නම් ස්වල්ප දෙනෙකු මිස සටන් නො වදිනු ඇත.
33 : 21
لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْـَٔاخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًا
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.
33 : 22
وَلَمَّا رَءَا ٱلْمُؤْمِنُونَ ٱلْأَحْزَابَ قَالُوا۟ هَـٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥ ۚ وَمَا زَادَهُمْ إِلَّآ إِيمَـٰنًا وَتَسْلِيمًا
තවද දේවත්වය විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්‍රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්‍යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත.
33 : 23
مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا۟ مَا عَـٰهَدُوا۟ ٱللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا۟ تَبْدِيلًا
කවර දෙයක් මත අල්ලාහ් සමඟ ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිසුන් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත්තවුන් ද ඔවුන් අතරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතරින් වෙති. ඔවුහු (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත.
33 : 24
لِّيَجْزِىَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ إِن شَآءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا
(මෙය) සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. එමෙන් ම ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිස ය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය.
33 : 25
وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ بِغَيْظِهِمْ لَمْ يَنَالُوا۟ خَيْرًا ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًا
දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්‍රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නො ලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේ ය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන්හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී ය.
33 : 26
وَأَنزَلَ ٱلَّذِينَ ظَـٰهَرُوهُم مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا
තවද ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේ ය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහු ය.
33 : 27
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَـٰرَهُمْ وَأَمْوَٰلَهُمْ وَأَرْضًا لَّمْ تَطَـُٔوهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرًا
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථාන ද, ඔවුන්ගේ සම්පත් ද, එමෙන් ම නුඹලා එහි පය නො තැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.
33 : 28
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ إِن كُنتُنَّ تُرِدْنَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلًا
“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්‍රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
33 : 29
وَإِن كُنتُنَّ تُرِدْنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلْـَٔاخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلْمُحْسِنَـٰتِ مِنكُنَّ أَجْرًا عَظِيمًا
තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත.
33 : 30
يَـٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَـٰحِشَةٍ مُّبَيِّنَةٍ يُضَـٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමඟ පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
33 : 31
۞ وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَـٰلِحًا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නේ ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු.
33 : 32
يَـٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ ٱلنِّسَآءِ ۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَّعْرُوفًا
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නො වන්නෙහු ය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිහින් හඬින් කතා නො කරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු (පාපතර) ආශා ඇති කර ගනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු.
33 : 33
وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
තවද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද පෙර අඥාන යුගයේ අලංකාරය ඉස්මතු කරමින් සැරිසැරුනාක් මෙන් නුඹලා නො සැරිසරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද zසකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමට ය.
33 : 34
وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَـٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا
තවද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානී අභිඥානවන්ත විය.
33 : 35
إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَـٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَٱلْقَـٰنِتِينَ وَٱلْقَـٰنِتَـٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَـٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلْخَـٰشِعِينَ وَٱلْخَـٰشِعَـٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَـٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَـٰتِ وَٱلْحَـٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَـٰفِظَـٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرًا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
නියත වශයෙන් ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනතවන්නන් හා අවනතවන්තියන් ද සත්‍යවාදීන් හා සත්‍යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියබැතිමත්වන්නන් හා බියබැතිමත්වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාගශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත.
33 : 36
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًا مُّبِينًا
තවද අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම දේවත්වය විශ්වාස කරන්නෙකුට හෝ කරන්නියෙකුට හෝ සුදුසු නො වීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින් ම ඔහු ප්‍රකට මුළාවකින් මුළා විය.
33 : 37
وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌ فِىٓ أَزْوَٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا
තවද අල්ලාහ් කවුරුන්හට දයාව පහළ කළේ ද එමෙන් ම ඔබත් ඔහු කෙරෙහි උපකාර කළේ ද ඔහුට “ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු” යැයි ඔබ පැවැසූ අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහි ය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ් ය. තවද සෙයිද් (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුනිමු. මන්දයත් දේවත්වය විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් දරුකමට හදා ගත් අය ඔවුන්ගේ භාර්යාවන්ගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් විට (එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේ දී එය ඔවුනට) වරදක් නො වනු පිණිස ය. සැබැවින් ම මෙය සිදු කරනු ලබන අල්ලාහ්ගේ නියෝගයක් විය.
33 : 38
مَّا كَانَ عَلَى ٱلنَّبِىِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥ ۖ سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ قَدَرًا مَّقْدُورًا
අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නො වීය. (එය) මීට පෙර ඉකුත්ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත ය. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ නියමයක් විය
33 : 39
ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَـٰلَـٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَ ۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًا
ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නො වෙති. ගණන් කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
33 : 40
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. තවද සියලු දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
33 : 41
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ ٱللَّهَ ذِكْرًا كَثِيرًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අධික ලෙස අල්ලාහ් මෙනෙහි කරනු.
33 : 42
وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
තවද උදේ හා සවස නුඹලා ඔහු සුවිශුද්ධ කරනු.
33 : 43
هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًا
අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා බැහැර කරනු පිණිස (අල්ලාහ්) ඔහු නුඹලා වෙත ආශිර්වාද කරන්නේ ය. තවද ඔහුගේ මලක්වරුන් ද නුඹලාට ප්‍රාර්ථනා කරති. තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන්හට මහා කාරුණික ය.
33 : 44
تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُۥ سَلَـٰمٌ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا
ඔවුහු ඔහු හමු වන දින ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය) යන්නයි. තවද ඔහු ඔවුනට ගෞරවනීය තිළිණ සූදානම් කොට ඇත.
33 : 45
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.
33 : 46
وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًا مُّنِيرًا
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)
33 : 47
وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضْلًا كَبِيرًا
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන්හට ඔබ සුබාරංචි දන්වනු.
33 : 48
وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ وَدَعْ أَذَىٰهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නො වනු. තවද ඔවුන්ගේ වදහිංසා නො සලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
33 : 49
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَكَحْتُمُ ٱلْمُؤْمِنَـٰتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසුව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නො වන්නේ ය. එවිට ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් ඔවුන් මුදවා හරිනු.
33 : 50
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَحْلَلْنَا لَكَ أَزْوَٰجَكَ ٱلَّـٰتِىٓ ءَاتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَـٰلَـٰتِكَ ٱلَّـٰتِى هَاجَرْنَ مَعَكَ وَٱمْرَأَةً مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِىِّ إِنْ أَرَادَ ٱلنَّبِىُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةً لَّكَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِىٓ أَزْوَٰجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا
අහෝ නබිවරය! නුඹ ඔවුන්ගේ (මහර්) කුලී ලබා දුන් නුඹගේ බිරියන් ද (යුද්ධයේ දී) අල්ලාහ් නුඹ වෙත පිරිනැමූ අය අතරින් නුඹේ දකුණත සතු කරගත් කාන්තාවන් ද නුඹ සමඟ නික්ම ගිය නුඹේ පිය පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹට අනුමත කළෙමු. තවද (කිසිදු මහර් ලබා ගැනීමකින් තොර ව) තමන්වම නබිවරයාට පරිත්‍යාග කළ, දේවත්වය විශ්වාස කළ කාන්තාව ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට සිතුවේ නම් සෙසු මුඃමින්වරුන්ට නොව විශේෂයෙන් නුඹට පමණක් අනුමත කළෙමු. ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ දකුණත් සතු කරගත් කාන්තාවත් සම්බන්ධයෙන් ඔබ වෙත වරදක් නො වනු පිණිස අපි ඔවුන් වෙත අනිවාර්යය කළ දෑ සැබැවින් ම අපි දනිමු. තවද අල්ලාහ් අතික්ෂාමාශීලී මහාකරුණාන්විත ය.
33 : 51
۞ تُرْجِى مَن تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِىٓ إِلَيْكَ مَن تَشَآءُ ۖ وَمَنِ ٱبْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَآ ءَاتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا فِى قُلُوبِكُمْ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمًا
ඔවුන් අතරින් නුඹ කැමති අය පසෙක තැබිය හැකි ය. තවද නුඹ කැමැති අය නුඹ වෙත ළං කර ගත හැකි ය. එසේ නුඹ ඉවත් කළ අය අතරින් (නැවත ගෙන්වා ගැනීමට) අපේක්ෂා කළ අය ගැන නුඹට වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනවනු පිණිසත් ඔවුන් දුකට පත් නො වනු පිණිසත් නුඹ ඔවුන් සියල්ලට පිරිනැමූ දෑ ඔවුන් පිළිගනු පිණිසත් එය වඩාත් සමීප ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් දනී. තවද අල්ලාහ් සර්වඥානී ඉවසිලිවන්තයෙකු ය.
33 : 52
لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعْدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَٰجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ رَّقِيبًا
නුඹේ දකුණත හිමිකර ගත් අය හැර මින් පසුව (වෙනත්) කාන්තාවන් ඔවුන්ගේ අලංකාරය ඔබව මවිත කළ ද (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම (නබිවරය!) ඔබට අනුමත නො වේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂක ය.
33 : 53
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَـٰظِرِينَ إِنَىٰهُ وَلَـٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُوا۟ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُوا۟ وَلَا مُسْتَـْٔنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْ ۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَـٰعًا فَسْـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا۟ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓا۟ أَزْوَٰجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස්වලට ඇතුළු නො වනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නො සිටිනු. එහෙත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නො වනු. නියත වශයෙන් ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳව ලැජ්ජාවට පත් නො වෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසුව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි.
33 : 54
إِن تُبْدُوا۟ شَيْـًٔا أَوْ تُخْفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًا
නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
33 : 55
لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ ۗ وَٱتَّقِينَ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدًا
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
33 : 56
إِنَّ ٱللَّهَ وَمَلَـٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِىِّ ۚ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ صَلُّوا۟ عَلَيْهِ وَسَلِّمُوا۟ تَسْلِيمًا
නියත වශයෙන් ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ද ඔහුට ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු.
33 : 57
إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا
නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කරනු ඇත. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
33 : 58
وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُوا۟ فَقَدِ ٱحْتَمَلُوا۟ بُهْتَـٰنًا وَإِثْمًا مُّبِينًا
තවද දේවත්වය විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් නො කළ දෙයක් වෙනුවෙන් හිංසා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින් ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝ ය.
33 : 59
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَـٰبِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا
අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නො ලැබීමටත් වඩාත් උචිත ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.
33 : 60
۞ لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلًا
කුහකයින්, තම සිත් තුළ රෝග ඇත්තවුන් හා මදීනාවෙහි කටකතා පතුරුවන්නන් (ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගෙන්) ඔවුන් නො වැළකුණේ නම් අපි නුඹව ඔවුන් කෙරෙහි බලය යෙදවීමට සලස්වමු. පසුව ඔවුහු ස්වල්පයක් මිස නුඹ සමඟ අසල්වැසියන් ලෙස නො සිටිනු ඇත.
33 : 61
مَّلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوٓا۟ أُخِذُوا۟ وَقُتِّلُوا۟ تَقْتِيلًا
ඔවුන් ශාප කරනු ලැබූවන් ය. ඔවුන් කොතැනක හමු වුව ද ග්‍රහණය කරනු ලැබ කුරිරු ලෙස ඝාතනය කරනු ලැබේ.
33 : 62
سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًا
(මෙය) මීට පෙර ඉකුත් වූවන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතට කිසිදු වෙනස්කිරීමක් ඔබ නො දකින්නෙහි ම ය.
33 : 63
يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا
අවසන් හෝරාව පිළිබඳ ජනයා නුඹෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි නුඹ පවසනු. තවද අවසන් හෝරාව සමීපයෙන් සිදු විය හැකැයි නුඹට දන්වා සිටිනුයේ කුමක් ද?
33 : 64
إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَـٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේ ය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේ ය.
33 : 65
خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۖ لَّا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින් ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නො ලබනු ඇත.
33 : 66
يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَـٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۠
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
33 : 67
وَقَالُوا۟ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති.
33 : 68
رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًا كَبِيرًا
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.
33 : 69
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ ءَاذَوْا۟ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُوا۟ ۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මූසාට හිංසා කළ අය මෙන් නුඹලා නො වනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහුව නිදොස් කළේ ය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.
33 : 70
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَقُولُوا۟ قَوْلًا سَدِيدًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශය ම කතා කරනු.
33 : 71
يُصْلِحْ لَكُمْ أَعْمَـٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا
නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේ ය.
33 : 72
إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولًا
නියත වශයෙන් ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස්, පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. එය ඉසිලීමට ඒවා ප්‍රතික්ෂේප කළෝ ය. තවද එයට ඒවා බිය වූවෝ ය. එහෙත් මිනිසා එය ඉසිලී ය. නියත වශයෙන් ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.
33 : 73
لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًۢا
(එසේ ඉසිලීමට හේතුව) කුහක පිරිමීන්ට ද, කාන්තාවන්ට ද, (දේවත්වය) ආදේශ කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්; දේවත්වය විශ්වාස කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් සමාව දීම පිණිසත් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.