37 : 1
وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّا
පෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.
★
37 : 2
فَٱلزَّٰجِرَٰتِ زَجْرًا
තවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.
★
37 : 3
فَٱلتَّـٰلِيَـٰتِ ذِكْرًا
තවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
★
37 : 4
إِنَّ إِلَـٰهَكُمْ لَوَٰحِدٌ
නියත වශයෙන් ම නුඹලාගේ දෙවියා එක ම ය.
★
37 : 5
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَـٰرِقِ
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන් ය.
★
37 : 6
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ
සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මඟින් නියත වශයෙන් ම අලංකාරවත් කළෙමු.
★
37 : 7
وَحِفْظًا مِّن كُلِّ شَيْطَـٰنٍ مَّارِدٍ
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන් ම ආරක්ෂාවක් වශයෙනි.
★
37 : 8
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ
උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකි ය. තවද ඔවුහු සෑම පැත්තකින් ම පහර දෙනු ලබති.
★
37 : 9
دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
★
37 : 10
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ
(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
★
37 : 11
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَـٰهُم مِّن طِينٍ لَّازِبٍۭ
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.
★
37 : 12
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
එහෙත් නුඹ පුදුම වූයෙහි ය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
★
37 : 13
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නො ලබති.
★
37 : 14
وَإِذَا رَأَوْا۟ ءَايَةً يَسْتَسْخِرُونَ
තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
★
37 : 15
وَقَالُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
තවද ඔවුහු මෙසේ පවසා සිටියෝ ය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
★
37 : 16
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
★
37 : 17
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද?)”
★
37 : 18
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ
අහෝ නබිවරය! “එසේ ය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.
★
37 : 19
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ
නියත වශයෙන් ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
★
37 : 20
وَقَالُوا۟ يَـٰوَيْلَنَا هَـٰذَا يَوْمُ ٱلدِّينِ
තවද “අහෝ! අපගේ විනාශ ය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
★
37 : 21
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
★
37 : 22
۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ
අපරාධ කළවුන් හා ඔවුන්ගේ සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද.
★
37 : 23
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ
අල්ලාහ්ගෙන් තොරව (ඔවුන් නමදිමින් සිටි දෑ ද එක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
★
37 : 24
وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන් ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝ ය.
★
37 : 25
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
නුඹලාට කුමක් වී ද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන් ද?).
★
37 : 26
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝ ය.
★
37 : 27
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
★
37 : 28
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ
නියත වශයෙන් ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝ ය.
★
37 : 29
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ
“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නො වූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝ ය.
★
37 : 30
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَـٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًا طَـٰغِينَ
තවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නො වීය. එහෙත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහු ය.
★
37 : 31
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ
එහෙයින් අපට එරෙහිව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන් ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
★
37 : 32
فَأَغْوَيْنَـٰكُمْ إِنَّا كُنَّا غَـٰوِينَ
තවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන් ම අප ද නොමග ගියවුන් වූයෙමු.
★
37 : 33
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ
එහෙයින් නියත වශයෙන් ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
★
37 : 34
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ
නියත වශයෙන් ම අපි වැරදිකරුවන් සමඟ කටයුතු කරන්නේ එලෙස ය.
★
37 : 35
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ
“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පවසනු ලැබූ විට, නියත වශයෙන් ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝ ය.
★
37 : 36
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍۭ
තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමු දැ?” යි ඔවුහු පවසා සිටිති.
★
37 : 37
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ
එහෙත් ඔහු (මුහම්මද්) සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේ ය.
★
37 : 38
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ
නියත වශයෙන් ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝම ය.
★
37 : 39
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ
තවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නො ලබනු ඇත.
★
37 : 40
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
එහෙත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
★
37 : 41
أُو۟لَـٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ
හඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහු ම ය.
★
37 : 42
فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ
පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝ ය.
★
37 : 43
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ
(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.
★
37 : 44
عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ
යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
★
37 : 45
يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍۭ
(සුරා) උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.
★
37 : 46
بَيْضَآءَ لَذَّةٍ لِّلشَّـٰرِبِينَ
එය සුදු පැහැති ය. පානය කරන්නන්හට ප්‍රණීත ය.
★
37 : 47
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ
එහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නො වෙති.
★
37 : 48
وَعِندَهُمْ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌ
තවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
★
37 : 49
كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ
නියත වශයෙන් ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
★
37 : 50
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
එමෙන් ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
★
37 : 51
قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ
නියත වශයෙන් ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
★
37 : 52
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ
නියත වශයෙන් ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකු දැ? යි ඔහු විමසයි.
★
37 : 53
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِينُونَ
අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ? (යි ද ඔහු විමසයි.)
★
37 : 54
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ
නුඹලා ඔහුව එබී බලන්නේ දැ? යි ඔහු (අල්ලාහ්) විමසයි.
★
37 : 55
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ
එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
★
37 : 56
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ
අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පවසයි.
★
37 : 57
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නො වී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
★
37 : 58
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ
එසේ නම් අප මිය යන්නන් ලෙස නො වන්නෙමු ද?
★
37 : 59
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වෙමු.
★
37 : 60
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
නියත වශයෙන් ම මෙය මය අතිමහත් ජයග්‍රහණ ය.
★
37 : 61
لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ ٱلْعَـٰمِلُونَ
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
★
37 : 62
أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ
සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගස ද?
★
37 : 63
إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةً لِّلظَّـٰلِمِينَ
නියත වශයෙන් ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
★
37 : 64
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ
නියත වශයෙන් ම එය නිරය පතුලෙහි මතු වන ගසකි.
★
37 : 65
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ
එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
★
37 : 66
فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
★
37 : 67
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ
පසුව නියත වශයෙන් ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
★
37 : 68
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ
පසුව නියත වශයෙන් ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙත ය.
★
37 : 69
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ
නියත වශයෙන් ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝ ය.
★
37 : 70
فَهُمْ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ يُهْرَعُونَ
තවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.
★
37 : 71
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ
ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින් ම නොමග ගියෝ ය.
★
37 : 72
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ
තවද සැබැවින් ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
★
37 : 73
فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ
අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි මැනවින් බලනු.
★
37 : 74
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
★
37 : 75
وَلَقَدْ نَادَىٰنَا نُوحٌ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ
තවද සැබැවින් ම නූහ් අප ඇමතුවේ ය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු.
★
37 : 76
وَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
★
37 : 77
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ
තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.
★
37 : 78
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
★
37 : 79
سَلَـٰمٌ عَلَىٰ نُوحٍ فِى ٱلْعَـٰلَمِينَ
ලෝවැසියන් අතර නූහ්ට ශාන්තිය අත්වේවා!
★
37 : 80
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
★
37 : 81
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
නියත වශයෙන් ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
★
37 : 82
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ
පසුව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
★
37 : 83
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ
තවද නියත වශයෙන් ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.
★
37 : 84
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ
සන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
★
37 : 85
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
★
37 : 86
أَئِفْكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ
“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
★
37 : 87
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
★
37 : 88
فَنَظَرَ نَظْرَةً فِى ٱلنُّجُومِ
එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේ ය.
★
37 : 89
فَقَالَ إِنِّى سَقِيمٌ
පසුව ‘නියත වශයෙන් මම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේ ය.
★
37 : 90
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ
(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝ ය.
★
37 : 91
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ
පසුව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.
★
37 : 92
مَا لَكُمْ لَا تَنطِقُونَ
නුඹලා කතා නො කර සිටීමට නුඹලාට කුමක් වී ද?
★
37 : 93
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ
පසුව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේ ය.
★
37 : 94
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ
එවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහයා) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝ ය.
★
37 : 95
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ
එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය.
★
37 : 96
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය.
★
37 : 97
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ
“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
★
37 : 98
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ
එවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝ ය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
★
37 : 99
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ
“නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේ ය.
★
37 : 100
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّـٰلِحِينَ
මාගේ පරමාධිපතියාණනි! මාහට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේ ය.)
★
37 : 101
فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍ
එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.
★
37 : 102
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ
ඔහු (ඉබ්රාහීම්) සමඟ වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක් දැ? යි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසී ය.
★
37 : 103
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ
පසුව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහුව මුණින් අතට පෙරළා දැමී ය.
★
37 : 104
وَنَـٰدَيْنَـٰهُ أَن يَـٰٓإِبْرَٰهِيمُ
තවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
★
37 : 105
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
“සැබැවින් ම ඔබ සිහිනය සැබෑ කළෙහි ය.” නියත වශයෙන් ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
★
37 : 106
إِنَّ هَـٰذَا لَهُوَ ٱلْبَلَـٰٓؤُا۟ ٱلْمُبِينُ
නියත වශයෙන් ම පැහැදිලි පරීක්ෂාව මෙය ම ය.
★
37 : 107
وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍ
තවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
★
37 : 108
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
★
37 : 109
سَلَـٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ
“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත් වේවා!”
★
37 : 110
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
★
37 : 111
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
★
37 : 112
وَبَشَّرْنَـٰهُ بِإِسْحَـٰقَ نَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ
තවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.
★
37 : 113
وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ
තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ට ම අපරාධ කර ගන්නා අය ද විය.
★
37 : 114
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ
තවද සැබැවින් ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
★
37 : 115
وَنَجَّيْنَـٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
★
37 : 116
وَنَصَرْنَـٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ
තවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.
★
37 : 117
وَءَاتَيْنَـٰهُمَا ٱلْكِتَـٰبَ ٱلْمُسْتَبِينَ
තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
★
37 : 118
وَهَدَيْنَـٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
★
37 : 119
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
★
37 : 120
سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
★
37 : 121
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
නියත වශයෙන් ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙස ය.
★
37 : 122
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
★
37 : 123
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
තවද නියත වශයෙන් ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.
★
37 : 124
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ
“නුඹලා බැතිමත් නො වන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
★
37 : 125
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَـٰلِقِينَ
“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා ‘බඅල්’ නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
★
37 : 126
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
★
37 : 127
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ
එහෙත් ඔවුහු ඔහු බොරු කළෝ ය. සැබැවින් ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.
★
37 : 128
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
★
37 : 129
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
★
37 : 130
سَلَـٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ
ඉල්යාසීන් වෙත ශාන්තිය අත් වේවා!
★
37 : 131
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
නියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
★
37 : 132
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
නියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
★
37 : 133
وَإِنَّ لُوطًا لَّمِنَ ٱلْمُرْسَلِينَ
තවද නියත වශයෙන් ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
★
37 : 134
إِذْ نَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
★
37 : 135
إِلَّا عَجُوزًا فِى ٱلْغَـٰبِرِينَ
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර.
★
37 : 136
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ
පසුව අපි සෙස්සන් සහමුලින් ම විනාශ කළෙමු.
★
37 : 137
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ
තවද නියත වශයෙන් ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහු ය.
★
37 : 138
وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ
රාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නො ගන්නෙහු ද?
★
37 : 139
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
තවද නියත වශයෙන් ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.
★
37 : 140
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
★
37 : 141
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ
එවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේ ය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.
★
37 : 142
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌ
පසුව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමී ය.
★
37 : 143
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ
නියත වශයෙන් ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නො වී නම්,
★
37 : 144
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
★
37 : 145
۞ فَنَبَذْنَـٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌ
එවිට ඔහු රෝගීව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
★
37 : 146
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ
තවද අපි ඒ මත වැල්වලින් යුත් ගසක්හට ගැන්වූයෙමු.
★
37 : 147
وَأَرْسَلْنَـٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ
තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.
★
37 : 148
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍ
එවිට ඔවුහු විශ්වාස කළෝ ය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
★
37 : 149
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ
පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැ? යි යන්න ගැන (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
★
37 : 150
أَمْ خَلَقْنَا ٱلْمَلَـٰٓئِكَةَ إِنَـٰثًا وَهُمْ شَـٰهِدُونَ
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
★
37 : 151
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ
දැනගනු! නියත වශයෙන් ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ.
★
37 : 152
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය.
★
37 : 153
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ
ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේ ද?
★
37 : 154
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
★
37 : 155
أَفَلَا تَذَكَّرُونَ
නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
★
37 : 156
أَمْ لَكُمْ سُلْطَـٰنٌ مُّبِينٌ
නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?
★
37 : 157
فَأْتُوا۟ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.
★
37 : 158
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ
තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝ ය. තවද නියත වශයෙන් ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින් ම දැනගත්තෝ ය.
★
37 : 159
سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
★
37 : 160
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
එහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
★
37 : 161
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ
එහෙයින් සැබැවින් ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...
★
37 : 162
مَآ أَنتُمْ عَلَيْهِ بِفَـٰتِنِينَ
නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
★
37 : 163
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ
නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
★
37 : 164
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ
අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය.
★
37 : 165
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ
තවද නියත වශයෙන්ම අප මය පෙළගැසෙන්නෝ.
★
37 : 166
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ
තවද නියත වශයෙන් ම අප මය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
★
37 : 167
وَإِن كَانُوا۟ لَيَقُولُونَ
තවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.
★
37 : 168
لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ ٱلْأَوَّلِينَ
(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින් ම අප වෙත තිබුණේ නම්,
★
37 : 169
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
සැබැවින් ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝ ය.)
★
37 : 170
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ
එහෙත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
★
37 : 171
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ
තවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන්හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින් ම පෙරටු විය.
★
37 : 172
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ
නියත වශයෙන් ම ඔවුහු මය උදව් කරනු ලබන්නෝ.
★
37 : 173
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَـٰلِبُونَ
තවද නියත වශයෙන් ම අපගේ සේනාව වන ඔවුහු මය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
★
37 : 174
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
එහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත්ව සිටිනු.
★
37 : 175
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
★
37 : 176
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
එසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
★
37 : 177
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ
පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
★
37 : 178
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
තවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු.
★
37 : 179
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ
තවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
★
37 : 180
سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.
★
37 : 181
وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ
තවද සියලු ම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
★
37 : 182
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ
තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමිය.
★