85 : 1
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
★
85 : 2
وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
★
85 : 3
وَشَاهِدٍ وَمَشْهُودٍ
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
★
85 : 4
قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ
අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය.
★
85 : 5
ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ
(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
★
85 : 6
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය.
★
85 : 7
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌ
දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය.
★
85 : 8
وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය.
★
85 : 9
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
★
85 : 10
إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
★
85 : 11
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ
සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
★
85 : 12
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
★
85 : 13
إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය.
★
85 : 14
وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ
තවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය.
★
85 : 15
ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
★
85 : 16
فَعَّالٌ لِّمَا يُرِيدُ
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
★
85 : 17
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ
(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
★
85 : 18
فِرْعَوْنَ وَثَمُودَ
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
★
85 : 19
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍ
එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
★
85 : 20
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
★
85 : 21
بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ
එහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ.
★
85 : 22
فِى لَوْحٍ مَّحْفُوظٍۭ
ආරක්ෂිත ඵලකයෙහි.
★